
සුළඟක් වී
සුළඟක් වී මං යනවා දුර අහසේ ඇවිදින්නට
අප්පච්චී කොහොමද මං අල්ලන්නේ
අහසක් සේ දූ යන මඟ පුළුන් වළා අතුරනවා
එහෙමයි ගේ දූ මං අල්ලන්නේ
පන වාගෙයි මගෙ දූ මං රැකගන්නේ
මහ ගංවතුරක් වීලා හරි වේගෙන් මං ගලනව
ලොකු ගස් වැල් කඳු වැටි හෙම උදුරා පොළොවට දමනවා
අප්පච්චී කොහොමද මං වළකන්නේ
මං මහ මුහුදක් වෙනවා දූ එනතුරු තනි රකිනවා
ආදරයෙන් මඟ බලනවා තුරුලට ගෙන සනසවනවා
මං ළඟ නොවැ දූ සැමදා සැනසෙන්නේ
මං බොරු තරහක් ගන්නවා - ඇස් රතු වෙනකම් අඬනවා
තුරුලට අරගෙන හිටියත් - නැළවෙන් නැතුවම අඬනවා
අප්පච්චී කොහොමද මං නළවන්නේ
දූටත් වැඩියෙන් හයියෙන් - එතකොට නම් මට ඇඬෙනවා
දූගේ කඳුළු මං ගන්නවා - දූ නැළැවෙනකල් අඬනවා
මං ඇඬුවම දූ නොවැ මා නළවන්නේ
ගායනය : එඩ්වඩ් ජයකොඩි








